ආයුබෝවන්.!
ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු!
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලනය, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, සංචාරක, ඉඩම්, වෙළද හා වාණිජ, ආහාර සැපයුම් බෙදාහැරීමේ කටයුතු, ආයෝජන සම්බන්ධීකරණ හා වෙනත් අමාත්‍යාංශයන් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 "අ" වගන්තිය අනුව පළාත් සභා පිහිටුවා ඇත. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ II පරිශිෂ්ටයේ සදහන් ලෙස ඉඩම් සහ ඉඩම්වල පදිංචිකරවීමට අදාල විධිවිධාන දක්වා ඇත. ඒ අනුව පළාත් සභාව තුළ රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි සිදු කරනු ලබයි. පරිපාලිත ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වන අතර ඒවා නම් මහනුවර, මාතලේ සහ නුවර එළිය වේ.
අපගේ දර්ශනය
වසර 2030 වන විට මැද-රට ජන දිවිය යහපත් කරනු වස් තිරසාර ඉඩම් කළමනාකරණය සහතික කිරීම
අපගේ මෙහෙවර
මධ්‍යම පළාත තුල පිහිටි රජයේ ඉඩම් හා ඊට අනුබද්ධ සම්පත්, ජනතාවගේ යහ පැවැත්ම උදෙසා තිරසාර අයුරින් සංරක්ෂණය, සංවර්ධනය, මනා පරිහරණය සහ බැහැර කිරීම සඳහා නීතිමය, තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබා දීම
WhatsApp සහාය හඳුන්වා දීම
WhatsApp ඔන්ලයින් ආධාරක සේවාව ඔබට හඳුන්වා දීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු! අපගේ සේවාවන් ගැන විමසීමට, කරුණාකර අපගේ WhatsApp අංක +94707424460 හෝ මෙම පිටුවේ පහළ දකුණු කෙළවරේ ඇති සබැඳිය භාවිතා කරන්න.









මධ්‍යම පළාත්
අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ
මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ